Cover image: © UNICEF/UNI74927/Pirozzi

ළමා අයිතිවාසිකම් ප‍්‍රවේශය සමඟ වෙනසක් කිරීම.

මෙම මාර්ගගත පුහුණුව අරමුණු කරන්නේ: ළමා අයිතිවාසිකම් සහ ළමා අයිතිවාසිකම් ප‍්‍රවේශය පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය ඉහළ නැංවීම සහ ඒවා යුනිසෙෆ් සංවිධානයට එතරම් වැදගත් වීමට හේතුව; උනන්දුව උත්තේජනය කිරීම, අභිපේ‍්‍රරණය වැඩි කිරීම සහ ගෝලීය වශයෙන් යුනිසෙෆ් කාර්ය මණ්ඩලයට සහ හවුල්කරුවන්ට ආශ්වාදයක් ලබා දීම; යුනිසෙෆ් කාර්ය මණ්ඩලය සහ හවුල්කරුවන් විසින් ප‍්‍රායෝගිකව ළමා අයිතිවාසිකම් ප‍්‍රවේශය වැඩිදියුණු කිරීමට උනන්දු කරවීම. 

ඉගෙනීමේ අරමුණු  

මෙම පාඨමාලාව අවසානයේ ඔබට හැකි වනු ඇත:

  1. ළමා අයිතිවාසිකම් සහ ළමා අයිතිවාසිකම් ප‍්‍රවේශය පිළිබඳ ඔබේ දැනුවත්භාවය, අවබෝධය සහ ඒ පිලිබඳ අගය කිරීම් අමතක නොවන හා කල් පවත්නා ආකාරයකින් පරිණාමනය කිරීම සහ / හෝ නැවුම් කිරීම;
  2. ළමා අයිතිවාසිකම් විස්තර කිරීම, සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රවේශය ළමා කේන්ද්‍රීය, පුණ්‍ය කටයුතු සහ සුභසාධන ප‍්‍රවේශයන් වැනි වෙනත් ප‍්‍රවේශයන්ට වඩා වෙනස් වන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම;
  3. ළමුන්ගේ අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ ඉටු කිරීම සම්බන්ධයෙන් යුනිසෙෆ් හි විධිවිධාන පැහැදිලි කිරීම සහ විස්තර කිරීම;
  4. ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ක‍්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා යුනිසෙෆ් සංවිධානයෙහි ක‍්‍රියාකාරිත්වය විස්තර කිරීම;
  5. ළමා අයිතිවාසිකම් සහ ළමා අයිතිවාසිකම් ප‍්‍රවේශය පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය වැඩි කිරීම සඳහා ඒ පිළිබඳව තනිපුද්ගලයන් සහ පිරිස් සමඟ කට වචනයෙන් සන්නිවේදනය කිරීම;
  6. ඔබ ඉගෙන ගත් දේ ඔබගේ එදිනෙදා කාර්යයන්ට සහ ජීවිතයට අදාළ කර ගත හැකි ක‍්‍රම ගැන සිතීම ආරම්භ කිරීම.

පේ‍්‍රක්ෂකයෝ

  • යුනිසෙෆ් කාර්ය මණ්ඩලය (රටවල කාර්යාල, ප‍්‍රාදේශීය කාර්යාල සහ මූලස්ථාන).
  • ජාතික කමිටු කාර්ය මණ්ඩලය.
  • යුනිසෙෆ් සහ ජාතික කමිටු උපදේශකයින්, සීමාවාසිකයින්, ස්වේච්ඡුා සේවකයන්, හොඳ හිතැති තානාපතිවරුන් සහ ජාතික කමිටු මණ්ඩල සාමාජිකයින්.
  • යුනිසෙෆ් රජය, සිවිල් සමාජය සහ ආයතනික හවුල්කරුවන් සුදුසු පරිදි.

කාලය

මෙම ස්වයං පාඨමාලාව සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 75 ක් පමණ ගත වේ. 

ක‍්‍රමවේදය

මෙම පාඨමාලාව තනි, කෙටි, ස්වයං-වේග මොඩියුලයකින් සමන්විත වේ. සෑම අංශයකම  වර්ණවත් කාටූන් මගින් නිරූපණය කෙරෙන ‘මුලික පණිවිඩ‘ හඳුන්වා දෙන අතර පසුව කෙටි වීඩියෝවක් මඟින් වැඩි විස්තර සපයයි. මෙම වීඩියෝ පටවල යුනිසෙෆ් කාර්ය මණ්ඩලය සහ හවුල්කරුවන්, ළමයින්, ගුරුවරුන් සහ ලොව පුරා සිටින මහජනතාවගේ සාමාජිකයින් ඇතුළත් වේ. වීඩියෝ ශ‍්‍රව්‍ය විස්තර සහිත හෝ රහිත වේ.  අවසාන ක‍්‍රියාකාරකමක් මඟින් එක් එක් කොටස සඳහා අවසාන ඉගෙනීම පිළිබිඹු කරන අතර, සමස්තයක් වශයෙන් පාඨමාලාව සඳහාත් ඔබව දිරිමත් කරයි.

ආකෘතිය

මෙම පාඨමාලාව කොටස් අටකින් සමන්විත වේ:

  1. හැඳින්වීම
  2. ළමා අයිතිවාසිකම් සහ යුනිසෙෆ් සංවිධානය සඳහා ඒවායේ වැදගත්කම
  3. මානව හිමිකම්, අවශ්‍යතා සහ යහපැවැත්ම සම්බන්ධයෙන් ළමා අයිතිවාසිකම්
  4. ළමා අයිතිවාසිකම් ප‍්‍රවේශය
  5. ළමා අයිතිවාසිකම් ප‍්‍රවේශය තුළින් වෙනසක් කිරීම
  6. ළමා අයිතිවාසිකම් යෙදීම: අපගේ කාර්යයන්ට ළමා අයිතිවාසිකම් සහ සමානාත්මතා ප‍්‍රවේශයක්
  7. ළමා අයිතිවාසිකම් පිළිබඳ අසීරු ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයීම
  8. සාරාංශය

ඇමතුම් විස්තර

අන්තර්ගතය පිලිබඳ ගැටළු: මාරි වර්න්හැම්, mwernham@unicef.org

තාක්ෂණික ගැටළු : agora@unicef.org